Sunday, 29 July 2018

ශ්‍රි ලංකා ඉතිහාසය

ශ්‍රි ලංකා රජවරුන් පිලිබද විස්තරයක් :

1:ලංකාවේ ප්‍රතම රජු විජය ලෙස සදහාන්වේ:
                                                                  මොහුගේ පාලන කාලය (ක්‍රි.පු 543 - ක්‍රි.පු 504 )යන කාලයන්‍, ශ්‍රි ලංකාවේ මොහු පිලිබද කරුණු සොයාගතහැකි හොදම මුලාශ්‍රය වන්නෙ (මාහා වංශයයි).
H.W කොඩින්ග්ටන් පවසන්නේ විජය වු කලි (විජය නම්) තෙරුම් ගැනිමට ඉතා අපහාසු චරිතයක් බවයි.

                                              රාජ්‍යය සමය =  ක්‍රි.පු 543 -ක්‍රි.පු 504
                                              
                                             පුර්ව ප්‍රාප්තිකයා = කුවේණි

                                            අනුප්‍රාප්තිකයා = උපතිස්ස රජු
 
                                             වල්ලබයා = කුවේණි

                                            දරුවන් = ජිවහත්ත,දිසාලා

                                            පියා = සිංහබාහු

                                           මව = සිංහසීවලි

2: විජය පිලිබද සදහාන් මුලාශ්‍රයන් :
                                                     ප්‍රදාන වශයේන් සිංහලයාගේ ආරම්භය පැහැදිලි  කරන මුලාශ්‍රවල එකිනෙකට වෙනස් විස්තර 4 කී. එහි සදහාන් වන්නේ කුමරෙක් සමග ලංකාවට පැමිණි පිරිසක් මගින් සිංහල ජාතිය පැවත ආ බවයි. මොහුව මහාවංශය,දීපවංශය තුල සදහාන් වන්නෙ විජය නමින්‍. ඇතැම් මුලාශ්‍රවල මොහුගෙ නම වෙනස් ලෙසට සදහාන්වේ.



3:මහාවංශයේ සඳහන් විස්තරය
මහාවංශයට අනුව විජය රජුගේ මිත්තණිය වංග හා කාලිංග වංශික කුමරියකි. ඇය විවාහ වන්නේ සිංහයෙකු සමඟිනි. ඇය එම සිංහයාට දාව දරුවන් දෙදෙනෙකු වදන අතර සිංහයා විසින් මෙම තිදෙනා ව කැලයේ තිබෙන ගල් ගුහාවක සිර කොට තබයි. දිනක් මෙම තිදෙනා ගල් ගුහාවෙන් පැන යන අතර පසුව කුමරියගේ පුත් සිංහබාහු  විසින් තම පියා වන සිංහයා ව මරා දමයි. අනතුරුව සිංහබාහු විසින් සිංහපුර නව රාජධානියක් පිහිට වනු ලබයි. එම රාජධානියේ යුවරජු බවට පත් වන්නේ විජය කුමරු යි. නමුත් ඔහුගේ වැරදි ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙකුට තම මව් රටින් පිටුවහල් වීමට සිදු වෙයි. අනතුරුව ශ්‍රී ලංකාවට ගොඩ බසින විජය ඇතුළු පිරිසට කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කුමරිය මුණ ගැසෙයි. විජය කුමරු විසින් කුවේණිය විවාහ කර ගන්නා අතර ඇගේ සහය ඇති ව ඇගේ ඥාතීන් මරා ලක්දිව රජ වෙයි. විජය රජුට හා කුවේණියට දරුවන් දෙදෙනෙකු ද වෙයි. නමුත් පිළිගත් සම්ප්‍රදායට අනුව විජය රජු ඉන්දියාවෙන් කුමරියක් ගෙන්වා ගෙන විවාහ වන අතර කුවේණිය ට සහ දරු දෙදෙනාට මාලිගාවෙන් පිටවී යාමට සිදු වෙයි. එසේ පිටවී යන අතරතුර කුවේණිය තම ඥාතීන් විසින් මරා දමනු ලබයි. මේ අතර වසර 38 ක් රට පාලනය කරන විජය රජු මිය යන්නේ කිරුළට නිසි උරුමක්කරුවෙකු නො සිටින පසු බිමක ය. විජයගේ මරණයෙන් හිස් වූ සිහසුනට මීළඟට පත් වන්නේ විජය රජුගේ සොහොයුරෙකුගේ පුතු වූ පණ්ඩුවාසුදේව කුමරුයි. විජය ඇතුළු පිරිසෙන් පසුකාලීන ව සිංහල ජාතිය බිහි වුණි.
දීපවංශයේ සඳහන් විස්තරය
දීපවංශයේ විජය රජතුමා පිළිබඳ ව සඳහන් වන විස්තරය මහාවංශයේ විස්තරයට සමාන වනමුත් කුවේණිය හා දකුණු ඉන්දීය කුමාරිය පිළිබඳ ව එහි සඳහන් වන්නේ නැත.
හියුං සියෑං භික්ෂුව ගේ වාර්තාව
හියුං සියෑං හිමියන්ගේ වාර්තාවේ සඳහන් වන්නේ දකුණු ඉන්දියාවෙන් පැමිණි සිංහයෙකු විසින් කුමාරිය පැහැර ගෙන යන බවයි. එහි වංග, කාලිංග හෝ ලාට රට ගැන සඳහනක් නැත. කුමාරිකාව සහ ඇයගේ දරු දෙදෙනා සිංහයාගේ ගුහාවෙන් පලා ගොස් දකුණු ඉන්දියාවේ තමන්ට උරුම රාජධානිය බලා පිටත් වෙයි. පසුව ඇගේ පුතු වන සිංහබාහු විසින් තම පියා ව (සිංහයා ව) ඝාතනය කරනු ලබයි. එම ක්‍රියාවට ඔහුට තෑගි හිමි වන නමුත් පීතෘඝාතන පාපයට දඬුවම් වශයෙන් නැවක දමා පිටුවහල් කරනු ලබයි. ඔහු රත්නදීපයට (ශ්‍රී ලංකාවට) ගොඩ බැස එහි පදිංචි වෙයි. මැණික් ලබා ගැනීමට දිවයිනට පැමිණි නාවික වෙළඳුන්ට කුමාරයා පහර දීමට පටන් ගනියි. පසුව කුමාරයා විසින් ඔවුන්ගේ දරුවන් ව යටත් කර ගෙන දිවයිනේ රඳවා ගනියි. එම දරුවන්ගෙන් සමාජයක් ගොඩ නැඟීමට කුමාරයාට හැකි වෙයි. මෙම වාර්තාවේ දැක්වෙන ආකාරයට සිංහබාහුට දරුවන් සිට ඇති අතර ඔවුන්ගේ මව කවුරුන් දැයි සඳහන් වන්නේ නැත. කුල ක්‍රමයට උපත ලබා දෙමින් සිංහබාහු විසින් සමාජය පන්ති වලට බෙදනු ලබයි. අනතුරුව ඔවුන් යුද්ධ කරමින් තම භූමි ප්‍රදේශය විශාල කර ගන්නා අතර එමගින් සිංහල ජාතිය බිහි වෙයි. මෙම වාර්තාවේ යක්ෂයින් ගැන සඳහන් වන්නේ නැත.
විජයාවතරණය සංස්කරණය

ප්‍රධාන ලිපිය: විජයාවතරණය
සිංහල අට්ටකථා මූලාශ්‍ර කර ගනිමින් ක්‍රි.ව.400 දී මහානාම භික්ෂුන් වහන්සේ ලියන ලද ශ්‍රී ලංකාවේ වංශකතාව මහාවංශය ඉන්දීය ඉතිහාසය සමග හොඳින් සැසදේ.

පෙලපත සංස්කරණය

කුවේණි සංස්කරණය

විජය ශ්‍රි ලංකා දිවයිනට පැමිණීමෙන් පසු යක්ෂ ගෝත්‍රික කුවේණි කුමරිය හමුවිය. එහෙත් විජයට පහර දුන් ඇය ඔහුගේ පිරිස බිං ගෙයක සිරකර දැමුවාය.

තම පිරිස ආපසු නුදුනහොත් කුවේණිය මරා දමන බවට විජය තර්ජනය කළ විට ඇය ඔවුනට ආහාර හා ඇඳුම් ද සපයා දුන්නාය. ඉන්පසු කුවේනිය අවුරුදු 16 ක පමණ වයසැති තරුණියකගේ අනුරාගී ස්වරූපයක් ගෙන විජය තම වසඟයට ගත්තාය. ඉන් පසු ඇය කියා සිටියේ "මෙම රාජ්‍ය ඔහුට පාවා දෙන බවත් ඉන්පසු අනෙකුත් සියලු යක්ෂයින් මරා දැමිය යුතු බවත්ය" එසේ නොකළ හොත් ඔවුන් අතින් ඇයට මැරුම් කෑමට සිදුවන බව ද කුවේනිය කීවාය. විජය මෙය ඉටු කළේය. ඔහු යක්ෂයන් පරාජය කොට ඔවුන් දිවයිනෙන් පන්නා දැමුවේය. මේ සෑම අවස්ථාවකදිම කුවේනිය විජය පසු පසින් සිටියාය.

කුවේනිය විජය නිසා දරුවන් දෙදෙනකු ලැබුවාය. ඒ දියණියක හා පුතෙකි. පසුව විජයට ඇය ප්‍රතික්ෂේප කිරිමට අවශ්‍ය වී "යන්න දරුවන් දෙදෙනා අතහැර යන්න. මිනිසුන් යකුනට සෑම විටම බිය වෙති" යයි කීවේය. කුවේනිය තමන් පිටමං නොකරන ලෙස ආයාචනා කළ නමුත් පලක් නොවීය. ඇයට අවසානයේ මාළිගයෙන් පිට වීමට සිදු විය. දරුවන් ගෙන නොයන ලෙස කලින් කී නමුදු ඇය දරුවන් තමන්ගේ භාරයට ගත්තාය. ඒ වන විට විනාශ නොවී ඉතිරිව තිබු යකුන්ගේ නගරයකට ඇය ගියාය. එහෙත් එහි සිටි තම නෑදෑයින් අතින් ඇය මරුමුවට පත් වූයේ ඇය විසින් ඔවුන් පවා දුන් හෙයිනි. ඇගේ එක් මාමා කෙනෙකු දරුවන් කෙරේ සෙනෙහස ඇතිව ඔවුන් තම භාරයට ගෙන "ඔබලාද මරා දැමීමට පළමුව පලා යන්නැයි" ඔවුනට කිවේය. ඔවුන් දෙදෙනා මලය රටට පලා ගිය අතර එහි වාසය කිරීම ඇරඹුහ. 'පුලින්ද' නම් ජන වර්ගය ඔවුන්ගේ ඇරඹු‍නි. මීට වෙනස් කථාවක කුවේනිය ය යක්දෙස්සා ගලින් පැන දිවි තොරකරගත් බවද කියවේ.ඊට පෙර විජයගේ දුශ්ට ක්‍රියාවට ශාපකරන්නැයි දෙවියන් වහාන්සේ යැද බවත් කියවේ.විජයගේ කිසිදු දරුවකු රජරට රජ නොවිමෙන් මෙම ශාපය පලදුන්නා යැයි කියයි.
(ෙමේය අජාන්තා සිතුවම් උපුටා ගැනිමක් විය)

No comments:

Post a Comment